tag:blogger.com,1999:blog-6744518873704442192024-03-13T10:39:19.811-07:00 නිල් මල් ලන්තය මේ ඒ සිහින කොදෙවුවයිවීණාවිhttp://www.blogger.com/profile/04797356114227648891noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-674451887370444219.post-74702660968145591832015-07-01T08:25:00.000-07:002015-07-01T08:25:37.172-07:00නිල් මල් ලන්තයේ කුමරිය - 01 මාරිගේ හීන ලන්තය .........

සීතල ම සීතල දවස් ගැන ඇත්තට ම ඔයාල මොනවද දන්නේ ? ඒ වගේ සීතල පළාතක, කඳු මුදුනක ජීවත් වෙන ළමයෙක් නම් කියාවි උණුසුම් කම්බායක් පොරවනයක් නැතිව එක දවසක් වුණත් ගෙවාදමන්න හරි ම අපහසු බව.විශේෂයෙන් ම රාත්රියක්.

ඒත් ඔයාල දන්නවද? මම මේ කියන්න යන කතාවේ ඉන්න පුංචි කෙල්ලට නම් සීතල ම සීතල දවස් ගෙවල දාන්න ඔය මොකුත් ම තිබුණේ නෑ.එයා ජීවත් වුණේ ඈත පිටිසර පුංචි ගම්මානයක. ඒ පුංචි ගමේ නම තමයි “සීතඔය” කියන්නේ. “සීතඔය” උදුවප් මාසයට එහෙම බොහොම තදට සීතල දැනෙන ගම්මානයක්. මේ වගේ පළාතක පුංචි මාරිට , ඒ කියන්නේ අර පුංචි දුප්පත් කෙල්ලට හැම සීතල රැයක් ම ගෙවා දමන්න සිදු වුණේ අඩුම තරමේ අත් කකුල් වැහෙන තරම් ඇදුමක් වත් නැතිව.

ඊටත් වඩා ලොකු අවාසනාවක් මරිගේ ජීවිතේ තිබුණා.ඒ තමයි මාරිට කවදාවත් හරි හැටි නින්ද නොයෑම.මේ තරම් සීතල ගම්මානයක පරණ කොහු මෙට්ටයක වැතිරිලා ඉන්න පුංචි ළමයෙකුට නින්ද නොයන එක ඒ තරම් පුදුමයකට කරුණක් නොවුණත් මේ පුංචි මාරිට නම් නින්ද නොයන්න ඊට වඩා ලොකු හේතුවක් තිබුණා.ඇයට හැම රැයකම, නෙතු පියවෙන හැම මොහොතකම බොහොම විකාර හීන පේනවා. ඒ හීන කොයි තරම් විකාරද කිව්වොත් ඇයට සැබෑ ලොවේදී කවදාවත් හමු නොවුණ මිනිස්සුන්ට හුඟක් සමාන කම් තියෙන සත්තු ජාතියක් තමයි ඒ හීන වල හිටියේ.ඒ සත්තු හැදිලා තිබුණෙත් මිනිස් අවයව සත්ත්ව අවයව එකතු වෙලා.

එකමත් එක උදුවප් මාසයක, තදින් ම සීතල දැනෙන රැයක මාරි වෙහෙසකර විකාර හීනයක පැටලිලා හිටියා.ඒ හීනයේ හිටියේ විශාල බත් කුරෙක්. බත් කූරෙක් කිව්වට එකට තිබුණේ මනුස්ස මුණක්.ඒ විතරක් නෙවෙයි ඌ මනුස්සයෙක් වගේ හරි අපූරුවට කතා කරනවා.

“හලෝ! මාරි.....මම රන්සා.....එහෙමත් නැත්නම් ඉතා කඩවසම්..කතාකරන බත් කූරා.....මම ඉන්නේ නයිරාද් කඳු වළල්ලේ තියෙන , ගල් තලාවකින් වැසුණු අපූරු නිම්නයක....... ඒක පුංචි කෙල්ලෙකුට හිතා ගන්නවත් බැරි තරම් ලස්සන තැනක්......නයිරාද් වලට එන යන පිරිස හුඟක් වුණාට ඒකෙ ස්තීරෙටම පදිංචි වෙලා ඉන්නේ මම විතරයි....... හා: හා: හා: හා:..........මොකද මම තමයි නයිරාද් වලට ඉන්න එකම හිමිකාරයා..........”

බත් කූරා එයාගේ විකාර පම්පෝරි කතා කියවන ගමන් මාරිගේ ඇද වටේ කැරකෙනවා.....අපොයි! මෙන්න එයා එක පාරටම පිම්මක් පැන්නා මාරිගේ අද උඩට. පරණ අද කිරි කිරි ගාලා එහාට මෙහාට පැද්දෙන්න ගත්තා. ඇත්තෙන් ම මේ බත් කූරා නම් හරිම හරි මෝඩයෙක්.එයා ඕනෑවටත් වඩා මාරිට කරදර කරනවා.එයාට තියෙන්නේ බය හිතෙන විදියේ පෙනුමක් නොවුණට එයාගේ අමුතු පෙනුමයි කතාවයි නිසා මාරිනම් හිටියේ හොඳටම බය වෙලා.

“ අනේ මෝඩ බත් කූරෝ......ඔහේ මහා කැත නපුරු සතෙක්........මට දැන් නම් හොඳටම ඇති මේ විකාර හීන...........”

මාරි හැමදාම වගේ අදත් හීන වලට බනින්න පටන් අරගෙන.......මේ හීන වල තියෙන අරුම පුදුම දේ මොකක්ද දන්නවද?.අපි දකින හීන ඇස් අරිද්දි නැතිවෙලා ගියාට මාරිගේ හීන නම් ඇස් අරගෙන ඉද්දිත් පේනවා. එයා ඒ හීන වලට බැන්නට ඒ හීන නැති වෙලා යන්නේ නෑ.ඒවා අතට අහුවෙන්නෙත් නෑ. හරිම අමුතුයි නේද?

“හා:හා:හා:හා;..... පුංචි මාරි ...... මම හිතන්නේ ඔයා මට බැන්නේ විහිළුවට වෙන්න ඕනේ.....මොකද මං වගේ කඩවසම් බත් කූරෙකුට කිසිම කෙනෙක් ඔය විදියට කතා කරන්නේ නෑ.....හරි කමක් නෑ......ඔපි ඔයාගේ අසංවර කතාව අමතක කරලා දාමුකෝ පුංචි කෙල්ලේ......” රන්සා එහෙම කිව්වේ මාරිගේ ඇස් දෙකට හුඟක් ළo වෙලා.

මාරි ආයෙමත් රන්සට බණින්න පටන් ගත්තා.රන්සා මරිගේ කටට ඇඟිල්ලකින් තට්ටුවක් දැම්මා.මෙන්න දැන් මාරි කතා කරද්දී වචන වෙනුවට පාට පාට බුබුළු පිටවෙනවා.හරියට සබන් බෝල වගේ. දැන් ඉතින් මාරි කොයි තරම් දේවල් කිව්වත් රන්සට ඇහෙන්නේ නෑ.

“ දැන් මම මගේ කතාව පටන් ගන්නම් කෝ ළමයෝ......... ඔයාට තියෙන්නේ කීකරු හොඳ පුංචි කෙල්ලෙක් වගේ අහගෙන ඉන්න එක විතරයි.......”

රන්සා මාරි ළඟින් ම හිටගෙන එයාගේ කතාව පටන් ගත්තා.

“ඇත්තටම ළමයෝ මම ඉන්නේ හුඟක් කළබලෙන්............නයිරාද් මිටියාවත මේ දවස්වල දියවෙන ජෙලි මල් වලින් පිරිලා......සෙත් කියන මිටියාවතේ ඉඳලා නිතර ම සමනළ රංචු එනවා පුංචි භාජනත් අරගෙන........ඒක මහා කරදරයක්.......උන් පැණි ගෙනියන්නේ මහා හතුරු ජාතියක් වෙච්ච මී මැස්සන්ට........මොකද මී මැස්සන්ට නයිරාද් වලට එන්න තහනම්........උන් ඒ හින්දා සමනළ රංචුවේ ටික දෙනෙක් ව හිර කරගෙන අනිත් එවුන්ට කියලා පැණි ගෙන්නව ගන්නවා.........”

ඇත්තටම රන්සා කියන්නේ හරි විකාර කතා.ඒවා නම් සුරංගනා කතා වලවත් නැති තරම් බොරු ඒවා කියලයි මාරි ට නම් හිතුණේ.

“ඇයි මම මේ කතා ඔයාට කියන්නේ පුංචි කෙල්ලේ......ඒ කතාව ඇත්තටම ඔයාට කියන්න මට කිසිම උවමනාවක් නෑ......ඒත් මට ඔයාට කියන්න කතාවක් තියෙනවා......වෙන කතාවක්...මාරි දැන් ඔයා මාත් එක්ක එන්න ඕනේ දුරම දුර ගමනක්..........කඳු නිම්න හුඟක් පහු කරගෙන.....අපි යන්න ඕනේ නයිරාද් වලට........එතනින් නිල් මල් ලන්තයට........ඔයා දන්නවද මේ හැම කරදරයක් ම ඉවර වෙන්නේ එතකොට.....ඒ කියන්නේ ඔයා නිල් මල් ලන්තයට ගියාම......එහෙනම් අපි යනවා නේද මාරි........”

බත් කූර එහෙම කියලා මාරිගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා . හරියට “ඔවු එනවා” කියලා කියන්න බල කරනවා වගේ.

ඔන්න ආයෙමත් මරිගේ කටින් බුබුළු පිට වෙනවා.ඇත්තටම එයාට තවම කතා කරන්න බෑනේ.රන්සා ආයෙමත් මරිගේ කටට තට්ටුවක් දැම්මේ ඒ වෙලාවේ ම තමයි. මම හිතන්නේ දැන් නම් මාරිට කතා කරන්න පුළුවන් ඇති.

“මම හිතන්නේ නෑ මම කොහොමවත් ම අදුනන්නේ නැති.....හරීම විකාර සතෙක් ව ඒ තරම් විශ්වාස කරන්න උවමනා වෙයි කියලා..........ඊටත් එහෙම මිටියාවතක් ගැන තමුන් කියන්නේ මහම මහා පට්ට පල් බොරුවක්........”

දැක්කනේ මාරිට දැන් ආයෙමත් හොඳට කතා කරන්න පුළුවන්.

“අනේ මෝඩ කෙල්ලේ.........ඒක කොහොමටවත් බොරුවක් නෙවෙයි........අවාසනාවක මහත! උඹේ ඔය පුස් මොළේට කිසිම වටිනා දෙයක් තේරුම් යන්නේ නැති හැටි......මහා අවසනාවන්තියක්........තමාගේ උරුමය ගැනවත් කිසිම දෙයක් නොදන්න......................ඒත් ඒවා තේරුම් කරලා දීලා අමාරුවේ වැටෙන්න මට කිසිම උවමනාවක් නෑ.................”

බත් කූරා ඒ ටික නම් කිවුවේ බොහොම බැරෑරුම් විදියට. ඊට පස්සේ වූ ආයෙමත් මාරිගේ ඇඳ උඩට පැන්නා.එවලේ නම් මාරි ටිකක් බය වුණා.ටිකක් නෙවෙයි ගොඩක් කිව්වොත් මම හරි.බත් කූර ඒ විදියට මාරි දිහා තත්පර තිහක් විතර බලාගෙන ඉදලා එක පාරටම අතුරුදහන් වුණා. නෑ....නෑ......අතුරුදහන් වුණා නෙවෙයි. ඒකා පුපුරලා ගියා.පුස් සද්ධයකුත් එක්කම. හරියට පුම්බපු බැලුමක් කටින් අත ඇරෙද්දි එනවා වගේ සද්ධයකුත් එක්ක.

බත් කූරා පුපුරලා යනවත් එක්කම මාරි ගැස්සිලා එයාගේ සැබෑ ලෝකයට ආවා.එයා ටකරම් සෙවිලි කරපු වහලේ දිහා ඇස් පිල්ලමක් වත් නොගහා බලා හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව. ඊට පස්සේ මාරි හෙමින් ඇඳේ වාඩි වුණා.ඒ වෙනකොට රාස්සයින් ගස් නගින වෙලාවට බොහොම කිට්ටු වෙලයි තිබුණේ.ඒ කියන්නේ රාත්රියේ තියෙන අඳුරු ම වෙලාව!!!

නින්ද නොයෑම ගැන මාරි හිටියේ හරිම කලකිරීමකින්. මොනවා කරන්නද? මේ අසරණ කෙල්ලට ඒ ගැන කියන්න අම්මෙක්, තාත්තෙක් ඉන්න එකක් යෑ. මට අමතක වුණානේ ඔයාලට මාරි ගැන විස්තර ටිකක් කියන්න.මාරිට තේරෙන මතක තියෙන දවසේ ඉඳලා එයා හිටියේ පීරිස් මාමලා ගේ ගෙදර.මාරිට යන්තමට වගේ මතකයි පීරිස් මාමගේ මහලු දෙමවුපියන් එයාට ආදරයෙන් සළකපු විදිය.ඒත් දැන් ඒ අය නෑ.ඒ දෙන්නම මිය ගිහින්. පීරිස් මාමා අරුණකොට දැන් පීරිස් මාමගේ ගෙදර ඉන්නේ පුංචි මාරි විතරයි.

පීරිස් මාමා කියන්නේ බොහොම නිහඬ මනුස්සයෙක්.එයා ගොවියෙක්.පුංචි මාරිට පීරිස් මාම බොහොම කරුණාවන්ත වුණා.අවාසනාවකට තිබුණේ මේ අසරණ මනුස්සයා හරිම දුප්පත් කෙනෙක් වීමයි.

ඔයාල දැන් හිතනවා ඇති නේද මාරිගේ දෙමව්පියන්ට මොකද වුණේ කියලා.ඇත්තටම ඒ ගැන නම් මම මොකවත් ම දන්නේ නෑ.හැබැයි ඒ ගැන පීරිස් මාමා නම් දන්නවා ඇති.එයා සමහර විට දවසක මාරිට ඒ ගැන කියාවි.

තවමත් මාරි ඇඳේ ඉඳගෙන බිත්තියට ඔලුව හේත්තු කරගෙන පුංචි කවුළුවෙන් පෙන අඳුරු අහස දිහා බලාගෙන ඉන්නවා.තැනින් තැන පුංචි එළි තිත්, ඒ කියන්නේ තරු තිබුණට අහස දිහා මේ වෙලාවේ බලන කෙනෙකුට දැනෙන්නේ හරිම පාලු ගතියක්.බොහොම වෙලාවක් අහස දිහා බල බලා වෙවුලමින් සිටි මාරි හතරට පහට වකුටු වෙලා නිදාගන්න හිතුවා.හිතුවා විතරයි.එයාට නින්ද ගියේ නම් නෑ.

කවුළුවෙන් ගලාගෙන එන සීත සුළං පාරකුත් එක්ක එක පාරට ම මාරිට මහා විලාපයක් ඇහෙන්න පටන් ගත්තා.

“අයියෝ......තව හීනයක් ද කොහෙද?........මේක නම් මහා වදයක්.......” මාරි එයාට ම කියා ගත්තා.

එයා හීනෙන් බේරෙන්න ඉක්මනට ඇඳෙන් නැගිට්ටා.ඒත් ඒ විලාපය කෙඳිරියක් වෙලා තවමත් මාරිට ඇහෙනවා.දැන් ඒක මාරිට හොඳටම ඇහෙනවා.

“මේක නම් හීනයක් නෙවෙයි.....හීනයකටත් වඩා භයානකයි......” මාරිට එහෙම හිතුණා.

එයා අත් දෙකෙන් කන් දෙක තද කරලා වහගත්තා. ඇස් දෙකත් තදින් ම පියාගන නිදාගන්න සැරසුණා.ඒත් මේ අසරණ පුංචි කෙල්ලගේ පුංචි ම පුංචි ඇඟිලි අතරින් බේරිලා ඇවිත් ඒ හඬ එයාගේ කන් දෙක ඇතුලට රිංග ගත්තා. හරිම නපුරු විදියට

මාරි ආයෙමත් ඇස් ඇරියා.කන් දෙක වහගෙන හිටපු අත් දෙකත් ඉවතට ගත්තා.දැන් නම් මාරි විපරම් කරනවා. ඒ හඬ ආවේ කොහෙන්ද කියලා

“ඒක එන්නේ හරියට ම ජනේලය දිහාවෙන්.....” මාරි තොල් මැතිරුවා.

මාරි හිත තද කරගත්තා. මේ පුංචි කෙල්ල දැන් ඉන්නේ ඕනෑම බයානක දෙයකට මූණ දෙන්න සූදානමින්.මාරි හෙමින් ඇඳෙන් බිමට බැස්සා.කිසිම හඬක් නොනැගෙන විදියට හෙමින් හෙමින් අඩි

තියලා එයා ගියා ජනේලය කිට්ටුවටම.මාරිට දැන් කෙඳිරිලි හඬ හොඳින් ම ඇහෙනවා. දැන් කෙඳිරිලි හඬ විතරක් ම නෙවෙයි එයාගේ පපුව ගැහෙන සද්දෙත් මහා විශාලෙට ඇහෙනවා.මාරි හෙමින් කවුළුව අසලට ගියා.හොඳට ම ලං වෙලා කවුළුව උඩින් එයාගේ අත් දෙක තියලා දෙපතුල් වලින් ඉස්සිලා වට පිට බැලුවා.එයා දැක්කා.ඔව් එයා ට අනුමාණ කරගන්න පුළුවන් වුණා විලාපය එන්නේ කොහෙන් ද කියලා.මලානික ලාම්පු එළියක් දැල්වුණ පුංචි ම පුංචි ගෙදරකින් තමයි ඒ සද්දේ ආවේ.පුංචි මාරි, එයා දන්නවා මේ ගේ කාගෙද කියලා.ඒ ගෙදර වෙන කාගේවත් නෙවෙයි

කැතලින් ආච්චිගේ ගෙදර!!!!!!!!!!!!!!!!!වීණාවිhttp://www.blogger.com/profile/04797356114227648891noreply@blogger.com10